30 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට මැණික් අලෙවි ආයතනයක් ත්‍රස්ත සංවිධානයක් සමඟ සබඳතා පවත්වලා

මෙරට මැණික් අලෙවි ආයතනයක් ත්‍රස්ත සංවිධානයක් සමඟ සබඳතා පවත්වලා

මෙරට මැණික් වෙළඳාමේ නිරත පෞද්ගලික ආයතනයක් අල්කයිඩා ඇතුළු ත්‍රස්ත සංවිධානවලට පහසුකම් සපයා ඇති අහමඩ් ලුක්මාන් තාලීබ් නැමැත්තා සමඟ සබඳතා පවත්වන බවට ජාත්‍යන්තර සංවිධානයක් හෙළිකර තිබේ.

ත්‍රස්ත සංවිධාන සඳහා ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී ජාත්‍යන්තර පොලීසිය විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේනමුත් කැරෝන් නැමැති ජාත්‍යන්තර සමීක්ෂණ සංවිධානය පෙන්වා දෙන්නේ එවන් පසුබිමක, මෙරට මැණික් වෙළදාමේ නිරත අදාළ පෞද්ගලික ආයතනය අහමඩ් ලුක්මාන් තාලීබ් සමඟ තවදුරටත් සබඳතා පවත්වන බවයි.

ත්‍රස්ත සංවිධාන සමඟ සබදතා පැවැත්වීම හේතුවෙන් අමෙරිකාවද ඔහුට එරටට ඇතුළු වීම තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.