25.6 C
Colombo
Saturday, December 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමෙට්‍රෝ දුම්රිය පද්ධතියේ කණුවක් කඩා වැටී මවක් හා පුත්‍රයෙක් ජීවිතක්ෂයට

මෙට්‍රෝ දුම්රිය පද්ධතියේ කණුවක් කඩා වැටී මවක් හා පුත්‍රයෙක් ජීවිතක්ෂයට

බැංගලෝර් නගරයේ මෙට්‍රෝ දුම්රිය පද්ධතිය සඳහා යකඩ පොලුවලින් තැනූ කණුවක් කඩා වැටීමෙන් මාර්ගයේ යතුරුපැදියක් පැදවූ මවක් සහ පුත්‍රයෙල් අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බැංගලෝර් – නාගවරා ප්‍රදේශයේ මෙට්‍රෝ දුම්රිය වැඩ කටයුතු සිදුවෙමින් පවතින අතරතුර කල්‍යාන් නගර් සිට එච්.ආර්.පී.ආර්. අර්ධ මාර්ගයේ මෙට්‍රෝ රේල් ගුවන් පාලම සඳහා කණු ඉදිකරමින් පවතී.

අද පෙරවරු 11ට නාගවරා ප්‍රදේශයේදී මෙට්‍රෝ දුම්රිය මාර්ගයේ කණුවක් පදිකයින් මතට කඩා වැටී තිබෙනවා. මෙහිදී යතුරුපැදියේ ගමන් ගත් සැමියා, බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මව සහ ඇයගේ 2 හැවිරිදි පුත්‍රයා ජීවිතක්ෂයට පත්වුණා.

#NDTV