― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන රෝග පාලනයට කඩිනමින් පියවර

ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන රෝග පාලනයට කඩිනමින් පියවර

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන කහ පුල්ලි රෝගය, කීඩෑ උවදුර හා වටපණු රෝගය වැනි රෝග කිහිපයක් සම්බන්ධව වහාම මැදිහත් වී එම රෝග පාලනයට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඊයේ (09) උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (09) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමිනි.

වී වගාව ආශ්‍රිතව මෙම රෝග මේ වනවිට දිස්ත්‍රික්ක හතරක පමණ දක්නට ලැබෙන බැවින් එම රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මේ වනවිටත් සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා මෙහිදී සදහන් කළේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිලධාරි කණ්ඩායම් ඒ ඒ දිස්ත්‍රික්කවලට පිටත් කර යවා ඇති තිබේ. ඔවුන් විසින් රෝග පාලනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධවත්, නිර්දේශ කරනු ලබන කෘමිනාශක පිළිබඳවත් ගොවි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි ද ලේකම්වරයා සදහන් කළේය.

මෙම රෝග තත්ත්ව පාලනය සඳහා සියලු පාර්ශ්ව කැදවා වහාම සාකච්ඡාවක් මෙම සතිය තුළ පැවැත්වීමට ද අමාත්‍යවරයා යෝජනා කළේය. එමෙන්ම මෙම කටයුතු සදහා අවශ්‍ය සියලු මුල්‍ය ප්‍රතිපාදන රජය මගින් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

විශේෂයෙන් මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීම සඳහා රජය සෑම උත්සාහයක්ම දරන බව පැවසූ අමාත්‍යවරයා වී වගාව හා බඩඉරිඟු වගාවේ සාර්ථකත්වය මත මෙම වසරේ ආහාර හා පෝෂණ ඌණතා වළක්වා ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම රජයේ අරමුණ බව ද සදහන් කළේය.