ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය අද (11) පස්වරුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එළිදැක්වීමට නියමිතය.
මෙම සන්ධානය ‘නිදහස් ජනතා සන්ධානය’ යනුවෙන් නම් කර ඇති අතර, එහි ලකුණ ‘හෙලිකොප්ටරය’ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ පැවසීය.