― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅනුරාධපුරයේ කුඹුරු අක්කර ලක්ෂයක් වටපණුවාට බිලිවෙයි

අනුරාධපුරයේ කුඹුරු අක්කර ලක්ෂයක් වටපණුවාට බිලිවෙයි

‘වටපණු’ නමින් හඳුන්වන දිලීර ආසාදනයක් හේතුවෙන් මෙවර මාස් කන්නයේ තමන් වගා කළ කුඹුරු බිම් සම්පූර්ණයෙන් විනාශ වී යාමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ගලෙන්බිදුනුවැව, හොරොව්පොතාන, කහටගස්දිගිලිය යන ප්‍රදේශවල ගොවි ජනතාව පවසනවා.

මුලින්ම ගොයම කහපාට වී පසුව දුඹුරු පැහැ ගැන්වෙමින් පැතිර යන මෙම දිලීර ආසාදනය දින දෙකක් තුනක් ඇතුලත වේගවත්ව කුඹුරු යායවල්පුරා පැතිර යාම නිසා තත්ත්වය තවත් බරපතළ වී ඇතැයි පවසන ගොවීන් මෙම රෝගය වැළඳුණ ගොයම්වල මූල මණ්ඩලය සම්පූර්ණයෙන්ම තැම්බුන ස්වභාවයක් ගන්නා බව වැඩිදුරටත් කියා සිටිනවා.

මේ හේතුවෙන් තමන් වගා කළ කුඹුරු බිම් සියල්ල විනාශ වී යාමේ අවදානමක් මතුව ඇති අතර ඒ සඳහා රජයේ කිසිදු මැදිහත්වීමක් සිදු නොවන බවට චෝදනා කරමින් අනුරාධපුර ඒකාබද්ධ ගොවි සංවිධානය (10) මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුනා.

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පමණක් මෙවර මහවාරි, සුළුවාරි, ගොවිජනසේවා යටතේ කුඹුරු අක්කර පනස්දහසකට ආසන්න ප්‍රමාණයක් වගා කර ඇති අතර කහටගස්දිගිලිය ප්‍රදේශයේ අක්කර පහලොස්දහසකට ආසන්න ප්‍රමාණයක් වගාකර තිබෙනවා.

හොරොව්පොතාන ප්‍රදේශයේද කුඹුරු අක්කර දාහත්දහසක් මෙවර මාස් කන්නයේ වගා කර ඇති බව අප වාර්තාකරුවන් කළ සොයා බැලීමකදී අනාවරණය වුනා. මෙම සියලු කුඹුරු බිම් ගොවීන් පවසන ‘වටපණු’ නැමැති රෝගයට ගොදුරුවීමේ දැඩි අවදානමක පවතිනවා.

අනුරාධපුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති උපාලි ඒකනායක ප්‍රකාශ කලේ මෙම ප්‍රදේශවලට මේ වටපණු රෝගය නොතිබු බවත් සුපුරුදු යූරියා පොහොර නොදී කාබනික අසූචි පොහොර ලබා දීමෙන් මේ වගේ තත්ත්වයක් ඇති වි ඇති බවත්ය. පස නිසරු වී ඇති නිසා මඩ පොහොර ඉල්ලා සිටියත් ලබා නොදුන් බවත් මඩ පොහොර යෙදුවානම් මූල මණ්ඩලය ශක්තිමත් වන නිසා ආසාදන ඇති වීමේ හැකියාව අඩු වන බවත් වැඩිදුරටත් කියා සිටියා.

රජය දැන් රතු කුඩු පොහොර ගන්න සල්ලි දෙන බව කියමින් මිනිසුන් රවටන බවත් මේ විදිහට රජය කටයුතු කළහොත් ඉදිරියේදී ගොවියා වී වගාවෙන් ඈත් වීම නතර කළ නොහැකි බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.