26.1 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාද යාත්‍රාවක් සඳහා විදෙස් හිමිවරුන් 70ක් දිවයිනට

පාද යාත්‍රාවක් සඳහා විදෙස් හිමිවරුන් 70ක් දිවයිනට

මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට උපසම්පදාව රැගෙන පැමිණ මෙරට සියම් මහා නිකාය ආරම්භ කර වසර 270ක් සපිරීම වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා 70 නමක් පාද යාත්‍රාවක් සඳහා පැමිණ තිබෙනවා.ඒ තායිලන්තය, ලාඕසය සහ මියන්මාරය නියෝජනය කරමින්.

ගම්පහ කොළඹ, කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුරය, මහනුවර සහ ශ්‍රීපාදස්ථානය ආවරණය වන පරිදි මාසයක කාලයක් පාද චාරිකාවේ නිරත වීමට නියමිතයි.

එහිදී එම භික්ෂූන් වහන්සේලාට මුණ ගැසෙන ගම් නගරවල සිටින ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

අද උදෑසන තායිලන්තයේ සිට පැමිණි මෙම ස්වාමීන් වහන්සේලා පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් උත්සවයක් ද සංවිධාන කර තිබුණා.