24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජය මැතිවරණයට මැදිහත්වීම ගැන නීතිඥ සංගම‌ය කනස්සල්ලෙන්

රජය මැතිවරණයට මැදිහත්වීම ගැන නීතිඥ සංගම‌ය කනස්සල්ලෙන්

පළාත් පාලන මැතිවරණයට රජය මැදිහත්වීමට දරන උත්සාහය පිළිබඳව දැඩි ලෙස කනස්සල්ලට පත්වන බවපවසයි.

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගේ තැන්පතු භාර නොගැනීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු , පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරයා ගත් තීරණය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි අවධානය යොමුව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙනවා.

කොමිෂන් සභාවේ ස්වාධීන කාර්යයන්ට හා ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට බාධාවන කිසිදු පියවරක් ගැනීමෙන් ජනාධිපතිවරයා හා රජය වැළකි සිටිය යුතු බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

ජනතාවට තම නියෝජිතයින් පත් කර ගැනීමට ඇති ස්වෛරි අයිතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ගන්නා උත්සහයන් , බාධා කිරීම් මෙරට නීතියේ ආධිපත්‍යට හා ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව බලවත් ප්‍රහාරයක් බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.