27.2 C
Colombo
Sunday, June 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ගෙවන්නැයි නියෝග

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ගෙවන්නැයි නියෝග

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවනු ලැබීය.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීමෙන් මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවයි.

ඒ අනුව වින්දිතයින්ට වන්දි ගෙවන ලෙස විත්තිකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.