― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsබිල නොගෙවූ රූපවාහිනියේ විදුලිය විසන්ධි කෙරේ

බිල නොගෙවූ රූපවාහිනියේ විදුලිය විසන්ධි කෙරේ

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විදුලිය විසන්ධි කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නොවැම්බර් මාසයට අදාළ රුපියල් ලක්ෂ 55කට අධික බිලක් නොගෙවීම නිසා මේ ආකාරයට විදුලිය විසන්ධි කළ බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

මේ වන විට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විකාශන කටයුතු විදුලි උප්පාදන යන්ත්‍ර මගින් ක්‍රියාත්මක කරනු ලබන බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා දිනකට ඩීසල් ලීටර් 3220කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන බව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව පවසයි.