26.1 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිල නොගෙවූ රූපවාහිනියේ විදුලිය විසන්ධි කෙරේ

බිල නොගෙවූ රූපවාහිනියේ විදුලිය විසන්ධි කෙරේ

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විදුලිය විසන්ධි කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නොවැම්බර් මාසයට අදාළ රුපියල් ලක්ෂ 55කට අධික බිලක් නොගෙවීම නිසා මේ ආකාරයට විදුලිය විසන්ධි කළ බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

මේ වන විට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විකාශන කටයුතු විදුලි උප්පාදන යන්ත්‍ර මගින් ක්‍රියාත්මක කරනු ලබන බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා දිනකට ඩීසල් ලීටර් 3220කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන බව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව පවසයි.