― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsමේ මැතිවරණය පොහොට්ටුවට අභියෝගයක් නෙවෙයි

මේ මැතිවරණය පොහොට්ටුවට අභියෝගයක් නෙවෙයි

ආණ්ඩුවට හෝ පොහොට්ටුවට පළාත් පාලන ඡන්දය කල් දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම මැතිවරණ කොමිසමේ වගකීමක් බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ නාම යෝජනා අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අමාත්‍යාංශවල පවා ප්‍රතිපාදන කප්පාදු කර ඇති අවස්ථාවක මැතිවරණ කොමිසම ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවා ඇත්තේ ඔවුන්ට මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ඇති නිසා විය හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සහ පොහොට්ටුව කුමන්ත්‍රණය කරන බවට විපක්ෂය නගන චෝදනා පදනම් විරහිත බවත් මැතිවරණවලට මුහුන දීමට කිසිදු බියක් ආණ්ඩුවට හෝ පොහොට්ටුවට නොමැති බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

මැතිවරණයේදී අනෙක් සියළුම දේශපාලන පක්ෂවලට වඩා ශක්තිමත්ව මුහුණ දීමට හැකි ශක්තිමත් කණ්ඩායමක් සිටින බැවින් ආණ්ඩුවට හෝ පොහොට්ටුවට මෙවර මැතිවරණය කිසිදු අභියෝගයක් නොමැති බවත් ප්‍රසන්න රණතුංග එහිදී තවදුරටත් ප්‍රකාශ කළේය.