― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි 15 දක්වා ක්‍රියාත්මකයි

විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි 15 දක්වා ක්‍රියාත්මකයි

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද විදුලි ගාස්තු සංශෝධනය පසුගිය ජනවාරි මස 01 වැනිදා සිට පෙබරවාරි මස 15 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබේ.

මින්පසු විදුලි ගාස්තු සංශෝධනය සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු විගස පෙබරවාරි 15 ​​වැනිදා සිට නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව එම සභාව පවසයි.

මේ අනුව නව විදුලි ගාස්තු සංශෝධනය යටතේ ගෘහ විදුලි ඒකක 0 සිට 30 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත් ඒකක 30 සිට 60 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් ඉහළ යනු ඇත.

නව විදුලි ගාස්තු සංශෝධන යෝජනාවට අනුව ඒකක 60 සිට 90 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාත් ඒකක 90 සිට 180 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 1500 දක්වාත් ඉහළ යනු ඇත.

විදුලි ඒකක 180ට වැඩි සියලුම පාරිභෝගිකයින් සඳහා ස්ථාවර ගාස්තුවක් ලෙස රුපියල් 2000ක් අය කරන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනවිරත්න මහතා අද (12) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ඒ සමගම කර්මාන්ත සඳහා විදුලි ගාස්තු ඉහළ නැංවීමට සහන සලසා ඇති බවද ඔහු සඳහන් කළා.