ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියාවල නියුතුව සිටින දහතුන් ලක්ෂ පනස් දහසක පමණ පිරිසක් ආර්ථික අර්බුදය හමුවේ එම ක්ෂේත්රය කඩා වැටීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාව පවසනවා.
මේ පිරිසට ඉදිකිරීම් ක්ෂේත්රයේ සෘජු රැකියාවල නියුතු හය ලක්ෂ පනස් දහසක් හා වක්‍ර රැකියාවල නියුතු ආසන්න වශයෙන් හත්ලක්ෂයක් ඇතුළත් වෙති.
ඉදිකිරීම් ක්ෂේත්රයේ පිරිස් ආර්ථික ප්‍රශ්න හේතුවෙන් රට හැර යාමේ ප්රවණතාවක්ද මතුව ඇතැයි එම සභාව වැඩිදුරටත් සඳහන් කළේය.