― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot NewsIMF ණය ප්‍රමාද වීම ගැන මුදල් රාජ්‍ය ඇමති කියන දේ

IMF ණය ප්‍රමාද වීම ගැන මුදල් රාජ්‍ය ඇමති කියන දේ

ද්වීපාර්ශවික ණය දෙන්නන් සමඟ ගිවිසුම්ගත වීම ප්‍රමාද වීම හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් ලබා දීම ප්‍රමාද වී ඇති අතර රටේ ජන ජීවිතයට ද එමඟින් බලපෑම් එල්ල වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය පවසනවා.

ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් පවතින රටවල ආර්ථිකය යථාවත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශවික ණය දෙන ආයතනවල සැළකිය යුතු මැදිහත්වීමක් අවශ්‍ය බව ද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ එහිදී ප්‍රකාශ කළා.

වොයිස් ඔෆ් ද ග්ලෝබල් සවුත් සටි ජී 20 සමුළුවට අද (12) පැවති මාර්ගගත ක්‍රමය ඔස්සේ එක් වෙමිනුයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.