― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsනඩු භාණ්ඩ වාහනවල බැටරි ගැලවූ කොස්තාපල් අත්අඩංගුවට

නඩු භාණ්ඩ වාහනවල බැටරි ගැලවූ කොස්තාපල් අත්අඩංගුවට

නඩු භාණ්ඩ වශයෙන් කල්පිටිය සංචාරක උසාවි භූමියේ ගාල් කර තිබූ ලොරි රථයක හා ත්‍රිරෝද රථයක බැටරි දෙකක් ගලවා අබිලි යකඩ මිලදී ගන්නා ව්‍යාපාරිකයකුට විකුණු බව කියන පොලිස් කොස්තාපල්වරයකු  සැකපිට අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය සඳහන් කරයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ කල්පිටිය පොලීසියට අනියුක්තව රාජකාරි කරන කල්පිටිය සංචාරක උසාවියේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකි.

පොලිස් කොස්තාපල්වරයා විසින් ලබා දුන් බව කියන මෙම බැටරි දෙක රුපියල් 4500 කට මිලදී ගත් බව කියන අබිලි යකඩ මිලදී ගන්නා ව්‍යාපාරිකයා සහ එම බැටරි 2 ලොරි රථයක පටවාගෙන සිටි එම ලොරි රථය රියදුරා ද සැකපිට සැකපිට අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි .