30 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ප්‍රකට දේශපාලකයෙක් වන රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 74ක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක මෙන්ම හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ මීට දින කිහිපයකට පෙර පැවති රැස්වීමක් අතරතුර හදිසි හෘදයාබාධයකට ලක්වී රෝහල් ගතකර තිබුණා.

පානදුර මූලික රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකා සඳහා කලුළුතර ශික්ෂණ රෝහලට යොමු කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

රෙජිනෝල්ඩ් කුරේගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දීමට නියමිතයි.