― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsයුද හමුදාව ලක්ෂයට අඩු කරන්න ආණ්ඩුවෙන් සැලසුමක්

යුද හමුදාව ලක්ෂයට අඩු කරන්න ආණ්ඩුවෙන් සැලසුමක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් සංඛ්‍යාව 100,000 දක්වා අඩු කොට තාක්ෂණික වශයෙන් සුදුසුකම් ලත් උපායශීලී සමතුලිත හමුදාවක් නිර්මාණය කිරීමට ආණ්ඩුව සැලසුම් සකස් කොට ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

ඒ අනුව 2030 වනවිට යුද හමුදාවේ සාමාජික සංඛ්‍යාව ලක්ෂය දක්වා අඩු කිරීමට නියමිතව ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.

දැනට යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වන අතර එය 2024 වනවිට යුද හමුදාවේ මුලු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000 දක්වා අවම කිරීමට නියමිතව ඇති බව තෙන්නකෝන් අමාත්‍යවරයා සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ හමුදාවන්ගේ උපායමාර්ගික සැලැස්මෙහි සමස්ත අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක අවශ්‍යතාවලට සමගාමීව සියලුම අභියෝගයන්ට මුහුණ දීම සදහා 2030 වසර වනවිට තාක්ෂණික වශයෙන් සුදුසුකම් ලත් උපායශීලී සමතුලිත හමුදාවක් නිර්මාණය කිරීමය.