― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගෝඨාභයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණ නියෝගයක්

ගෝඨාභයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණ නියෝගයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබේ.

2022 ජනතා විරෝධතාව අතරතුර කොටුවේ ජනාධිපති මන්දිරය විරෝධතාකරුවන් විසින් වටලනු ලැබීය. එහිදී ජනාධිපතිවරයාගේ කාමරයෙන් රුපියල් මිලියන 17.5ක් සොයාගෙන විරෝධතාකරුවන් විසින් පොලිසියට භාරදී ඇත.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසයි අධිකරණය පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළේ.