― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීනයෙන් මෙරටට පාසල් නිල ඇඳුම් තොගයක්

චීනයෙන් මෙරටට පාසල් නිල ඇඳුම් තොගයක්

2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී තිබෙනවා.

මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා විසින් එම රෙදි පිළි තොගය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත නිල වශයෙන් භාරදීම අද සිදු කෙරුණේ කොළඹ වරාය පරිශ්‍රයේ දී යි.

සිසුන්ට සෘජු ව ම ලබා දිය හැකි වන පරිදි කපා අසුරා ලේබල් කර ඇති එම රෙදි තොගයෙන් 1/3ක ප්‍රමාණයක් මේ වන විටත් මෙරටට ලැබී ඇති අතර ඉදිරියේ දී කෙටි කලක් තුළ ඉතිරි රෙදි පිළි තොගය ද ලැබීමට නියමිතව තිබෙනවා.

2023 පාසල් අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් මාර්තු 20 වන විට දිවයින පුරා රජයේ හා රජයේ ආධාර ලබන සියලු පාසල් මෙන් ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ලක්ෂ 41ක් වූ දරුවන් සහ භික්ෂූන්වහන්සේ වෙනුවෙන් ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී කියාසිටියේ.

මෙරට රජයේ පාසල් දිවා ආහාර වැඩසටහන සඳහා දෙනු ලබන පරිත්‍යාගයක් වශයෙන් චීන රජයෙන් අවස්ථා කිහිපයක දී කොටස් වශයෙන් ලබා දුන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක ප්‍රමාණය මේ වන විට මුළුමනින් ම සපයා අවසන් බව ද මෙහි දී වැඩබලන චීන තානාපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා.