ගල්ඔය සහ හතරැස් කොටුව දුම්රිය ස්ථාන අතරදී අලි තිදෙනෙක් ගැටීම නිසා අද (13) අළුයම පීලිපැනීමට ලක්වූ පුලතිසි නගරාන්තර සීඝ්රගාමී දුම්රිය නැවත පීලිගත කිරීම පස්වරුවේ අවසන් වූ බවත් කොළඹ කොටුව – මඩකළපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම අනතුරෙන් එම දුම්රියේ එංජිම සහ මැදිරියක් පීලි පැනීමට ලක්වූ අතර දුම්රියේ ගැටුණු අලි තිදෙනා මරණයට පත්විය.