මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා යළිත් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් සතුව ඩිජිටල් එන්නත් කාඩ්පත තිබිය යුතු අතර එසේ නොමැති සංචාරකයින් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
රට තුළ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි අමාත්‍යාංශය පැවසුවේ.
මෙම නව මාර්ගෝපදේශ අද(14) සිට බලාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.