32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීන ජනපතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට ලිපියක්

චීන ජනපතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට ලිපියක්

චීන ජනාධිපති ෂී ජින් පින් මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් එවා තිබෙනවා.

අද (14) චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වු අවස්ථාවේදී එම ලිපිය මෙරට සංචාරයක නිරතවන චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දී තිබුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙන්ම නුදුරු අනාගතයේ දී රටේ ආර්ථිකයටත් චීනයේ සහාය බලාපොරොත්තුවන බවයි.