― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකාශ්‍යප රජුගේ සඳලුතලයේ සිට ඉර පායන හැටි බලන්න අවසර

කාශ්‍යප රජුගේ සඳලුතලයේ සිට ඉර පායන හැටි බලන්න අවසර

සීගිරිය පර්වතය මත සිට දිනපතා ඉරපායන දර්ශනය සහ ඉර බැසයන ආකාරය නැරඹීයට දේශීය විදේශීය සංචාරකයන්ට අද සිට අවසරය හිමි වනවා.

අලුයම 5.30 සිට රාත්‍රී 09 පමණ වන තෙක් මේ සඳහා අවසරය ලබා දෙන බවයි ඉර සේවය නැරඹීමේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් සීගිරිපව්ව වෙත පැමිණි බුද්ධද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේ.

සීගිරිය නැරඹීම සහ පර්වතය ඉහළ මාලයේ සිට ඉර පායන දසුන් නැරඹීමට අද සිට ඕනෑම සංචාරකයකුට අවසර ඇති අතර තමන්ද මෙම අත්දැකීම පළමු වරට විඳ ගත් බව අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කළා.

ඔහු මෙහිදී පෙන්වා දුන්නේ පුරාවිද්‍යා ස්ථාන හරහා දේශීය විදේශීය සංචාරකයන් ඉලක්ක කර නව වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරමින් පවතින බවයි.

අලුයම 5.30ට ‍ප්‍රවේශපත්‍ර කවුළුව විවෘත කිරීමෙන් අනතුරුවව අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම විදේශීය සංචාරකයන් කීප දෙනෙකු ද සමඟ සීගිරි පර්වතය මතට ගමන් කළා.

ඔවුන්ට අද උදෑසන හය පසුවී විනාඩි කිහිපයක් ගතවෙද්දී ඉර පායන දර්ශනය දැක ගැනීමට හැකි වුණා.