― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඕමානයේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙක් දිවයිනට

ඕමානයේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙක් දිවයිනට

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ” සුරක්ෂා” මැදුරෙහි (Saffe House) රඳවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 15 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඕමානයේ සුරක්ෂා මැදුරෙහි දැනට ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 117 දෙනෙකු රදවා සිටින අතර, ඔවුන් අතරින් 17 දෙනෙකු ශ්‍රී ලංකාවට එවීම සදහා ගුවන් තොටුපළ වෙත භාර දී තිබූ අතර, සේවිකාවන් දෙදෙනෙකුගේ ලියකියවිලිවල පැවති අඩුපාඩු හේතුවෙන් ඔවුන් දෙදෙනා එවීම මස්කට් ගුවන් තොටුපළ විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

අනෙක් ගෘහ සේවිකාවන් 15 දෙනා අද දින අලුයම 04.50ට ඕමානයේ මස්කට් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.