― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඕමානයේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙක් දිවයිනට

ඕමානයේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙක් දිවයිනට

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ” සුරක්ෂා” මැදුරෙහි (Saffe House) රඳවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 15 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඕමානයේ සුරක්ෂා මැදුරෙහි දැනට ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 117 දෙනෙකු රදවා සිටින අතර, ඔවුන් අතරින් 17 දෙනෙකු ශ්‍රී ලංකාවට එවීම සදහා ගුවන් තොටුපළ වෙත භාර දී තිබූ අතර, සේවිකාවන් දෙදෙනෙකුගේ ලියකියවිලිවල පැවති අඩුපාඩු හේතුවෙන් ඔවුන් දෙදෙනා එවීම මස්කට් ගුවන් තොටුපළ විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

අනෙක් ගෘහ සේවිකාවන් 15 දෙනා අද දින අලුයම 04.50ට ඕමානයේ මස්කට් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.