27 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොලිසියට පරුෂ වචනයෙන් බැණ වැදුණු බීමත් අයෙක් අත්අඩංගුවට

පොලිසියට පරුෂ වචනයෙන් බැණ වැදුණු බීමත් අයෙක් අත්අඩංගුවට

පොලිසියට පරුෂ වචනයෙන් බැණ වැදුණු බීමත් අයෙක් හුංගම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හුංගම මංසන්ධියේදී අද (15) අලුයම මෝටර් රථයක් පරීක්ෂා කිරීම සදහා නවතන ලෙසට සංඥා කර සිටියදී එම රථයේ සිටි රියදුරු හා තවත් පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වදිමින් රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරින් ඔවුන් ලුහුබැඳ ගොස් අල්ලාගෙන අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් රියදුරු බීමත්ව සිටි බවයි පොලිසිය පැවසුවේ.

සැකකාර රියදුරු බීමත්ව සිටී ද යන්න පරීකෂා කිරීමට පොලිස් ස්ථානයට රැගෙන යන අවස්ථාවේදීත් ඔහු පොලිස් නිලධාරින්ට පරුෂ වචනයෙන් බැණ වදිමින් නිලධාරියෙකුගේ මුහුණට තම හිසින් පහරක්ද එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

රියදුරාගේ පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා රන්න රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට පත් රියදුරා වයස අවුරුදු 37ක් වූ පල්ලේගම, හුංගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සැකකරු අඟුණුකොළපැලැස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර හුංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.