ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද(15) පස්වරුවේ කොළඹදී රැස්වුණා.
එහිදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ තීන්දු ගණනාවකට එළඹුණු බවයි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර කියා සිටියේ.
ඉදිරි මැතිවරණයේදී හෙලිකොප්ටරය ලකුණින් තරඟ වදිනවාද නැද්ද යන්න පිළිබඳවත් අවසන් තීරණයකට එලඹී බවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව හෙට(16) සවස දැනුම් දෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.