ඕස්ට්‍රේලියාවේ දී පැවති පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ චෝදනාවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව අද (16) නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම්වරයා එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව නීතිපතිවරයාගේ උපදෙස් සහ නිර්දේශ මත ඒ සම්බන්ධයෙන් වන ඉදිරි පියවර ගැනීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවයි වාර්තා වුණේ.