― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබදු ඉවත් කළොත් රුපියල් 40ට බිත්තර දෙන්න පුළුවන්

බදු ඉවත් කළොත් රුපියල් 40ට බිත්තර දෙන්න පුළුවන්

බදු ඉවත් කරන්නේ නම් බිත්තරයක් රුපියල් 40ක මිලකට ලබා දිය හැකි බව බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඔවුන් අවධාරණය කරන්නේ කුකුළු ගොවිපොළවල් සඳහා ආනයනය කරන ඖෂධ සහ ආහාර වර්ග සඳහා රජය විසින් අය කරන බදු ඉවත් කරන්නේ නම් පමණක් බිත්තරයක් රුපියල් 40කට ලබා දිය හැකි බවයි.

බිත්තර මිල ඉහළ යාමත් සමඟ වෙළෙඳ අමාත්‍යාංශය බිත්තර ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඇතැමුන් බිත්තර ආනයනය කිරීමට උත්සහ කරන්නේ කොමිස් ලබා ගැනීමේ අරමුණින් බවත් ඔවුන් සඳහන් කළේය.