27.8 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ගමන් කරමින් සිටි මවකගේ හා පුතෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් මව මිය ගොස් ඇති බව පොලීසිය පව්සයි.

ගාලු පාරේ, වැලිගම, කප්පරතොට පාලම ආසන්නයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් මියගොස් ඇත්තේ 68 හැවිරිදි කිරලවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව අනාවරණය වී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා මාතර රෝහලට ඇතුළත් කිරීමේදී මව මියගොස් ඇති අතර අදාළ බස් රථයට වැලිගම බස් නැවතුම්පොළෙන් ගොඩවූ පුද්ගලයින් සිව්දෙනෙකු බස් රථයේ කොන්දොස්තර සමග ඇති වු ගැටුමක් දුරදිග යාමෙන් පසු ඔවුන් බස් රථයේ රියදුරුටද පහර දී ඇත.

එම අවස්ථාවේ දී රියදුරු අසුනෙන් ඇදවැටීම හේතුවෙන් රියදුරුගේ පාලනයෙන් ගිලිහුණු බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.