28 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldවියට්නාමයේ ජනාධිපති ඉල්ලා අස්වෙයි

වියට්නාමයේ ජනාධිපති ඉල්ලා අස්වෙයි

වියට්නාම ජනාධිපති Nguyen Xuan Phuc ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වියට්නාමයේ දූෂණ විරෝධී කටයුතු සිදුවන බැවින් ඇමැතිවරු රැසක් ධුරවලින් නෙරපා හැර ඇති අතර බලයෙන් පහකළ දේශපාලනඥයන් අතර රටේ නියෝජ්‍ය අගමැතිවරු දෙදෙනෙක්ද වෙති.

ජනාධිපති ෆුක් බලයෙන් පහ කිරීමට යන බවට පසුගිය දින කිහිපයේ කටකතා පැතිර ගිය නමුත් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා ඇත්තේ ඔහුම ඉල්ලා අස් වී ඇති බවයි.

වියට්නාම ජනාධිපතිවරයෙකු හදිසියේ ඉල්ලා අස්වීම අසාමාන්‍ය දෙයක් බවයි සැලකෙන්නේ.

Phuc 2016 සිට 2021 දක්වා රටේ අගමැති ලෙස කටයුතු කළ අතර පසුව ජනාධිපති බවට පත්විය.