― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeNewsජනපති සමඟ තවදුරටත් සාකච්ඡා නෑ - එම්. ඒ. සුමන්තිරන්

ජනපති සමඟ තවදුරටත් සාකච්ඡා නෑ – එම්. ඒ. සුමන්තිරන්

තමන් තවදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ රජය සමඟ තවදුරටත් සාකච්ඡා නොකරන බව ශ්‍රී ලංකා තමිල්රසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසයි.

ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම සඳහා ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් දෙමළ පක්ෂ පසුගිය මාස කිහිපය තුළ ඔහු සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.

සාකච්ඡාවල ප්‍රගතියක් නොමැතිකම හේතුවෙන් ඇතැම් ගැටලු වහා ක්‍රියාත්මක කිරීම සඳහා 10 වැනිදා සිට 17 වැනිදා දක්වා දින 7ක කාලසීමාවක් නියම කෙරිණි.