― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට ආහාර සුරක්ෂිතතාව සඳහා ෆොන්ටෙරා සමාගමේ සහාය

මෙරට ආහාර සුරක්ෂිතතාව සඳහා ෆොන්ටෙරා සමාගමේ සහාය

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ හා සම්බන්ධ වෙමින් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම, ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා හැරීම සඳහා කිරිපිටි ඇසුරුම් 69,102ක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබෙනවා.

එම පරිත්‍යාගය නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇප්ලටන් (Michael Appleton) මහතා ඇතුළු නවසීලන්ත නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (17) සංකේතාත්මකව සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මෙලෙස පරිත්‍යාග වශයෙන් ලැබූ කිරිපිටි හඳුනාගත් පවල් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් බෙදා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්යල මණ්ඩල ප්‍රධානී ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය සුරේන් බටගොඩ, නවසීලන්තයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ ට්‍රැවලර් (Andrew Traveller) මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියා.