― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldහෙලිකොප්ටරය කඩා වැටී යුක්‍රේන අභ්‍යන්තර කටයුතු ඇමති ජීවිතකෂයට

හෙලිකොප්ටරය කඩා වැටී යුක්‍රේන අභ්‍යන්තර කටයුතු ඇමති ජීවිතකෂයට

යුක්රේනයේ කියෙව් අගනුවරට නුදුරින් පිහිටි බ්‍රොවාරි නමැති නගරයේ පෙර පාසලක් සහ මහල් නිවාස ගොඩනැගිල්ලක් අසළට හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී පුපුරා ගිනි ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනාස්ටිස්කි ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් 16ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

හෙලිකොප්ටරය කඩා වැටීමෙන් ඇති වූ පිපිරුම හේතුවෙන් පෙර පාසල් ගොඩනැගිල්ලටත්, මහල් නිවාස ගොඩනැගිල්ලටත් හානි සිදුව ඇති අතර යුක්‍රේන රජය සැක පළ කරන්නේ හෙලිකොප්ටරය, රුසියන් මිසයිල ප්‍රහාරයකට හසුවීමෙන් කඩා වැටෙන්න ඇති බවයි

(රොයිටර්ස්)