― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදෙමව්පියන් රවටා මුදල් ගැරූ ගුරුවරියට වැඩ වරදියි

දෙමව්පියන් රවටා මුදල් ගැරූ ගුරුවරියට වැඩ වරදියි

ජර්මනියේ පැවැත්වෙන නර්තන වැඩමුළුවකට සහභාගී කරවීමට බව පවසා දෙමව්පියන්ගෙන් රුපියල් ලක්ෂ ගණන් මුදල් රැගෙන වංචා කළ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ගම්පහ මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මියයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

ගම්පහ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ගම්පහ, ඉඳිගොල්ල ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක 49 හැවිරිදි ගුරුවරියක් මෙලස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සැකකාරිය එම ජාත්‍යන්තර පාසලේ දරුවන්ව ජර්මනියේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගී කළ හැකි බව දෙමාපියන්ට පවසා ඇති අතර ඊට අවශ්‍ය ලිපි ලේඛන සෑදීම සඳහා යැයි පවසමින් දෙමාපියන්ගෙන් මුදල් ඉල්ලා ඇති බවයි අධිකරණයේදී හෙළිවූයේ.

සැකකාරිය ලබාදුන් බැංකු ගිණුමට දෙමාපියන් වරින් වර මුදල් බැර කළ ද දරුවන්ව විදේශ ගත කිරීමට සැකකාරිය උනන්දුවක් නොදක්වා මුදල් වංචා කර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.

යක්කල, ගොරකඩවත්ත, කලගෙඩිහේන, බටුවත්ත සහ වැලිවේරිය, ගල්ඔලුව යන ප්‍රදේශවල පදිංචි දෙමව්පියන් කළ පැමිණිලි මත පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගත් බවත් මෙම පැමිණිලිකරුවන් සිව්දෙනාගෙන් පමණක් රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් සැකකාරිය වංචනික ලෙස ලබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් නොමැති බව පැමිණිල්ල මෙහෙයවමින් ගම්පහ පොලිසිය අධිකරණයට දන්වා ඇති අතර ඒ අනුවයි සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.