28.9 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංචාරකයින්ගේ පැමිණිමේ කැපී පෙනෙන වර්ධනයක්

සංචාරකයින්ගේ පැමිණිමේ කැපී පෙනෙන වර්ධනයක්

ශ්‍රී ලංකාවට මෙම වසරේ මුල් දෙසතිය තුළ සංචාරකයින් 39172 දෙනෙකු පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

මෙම දෙසතිය තුළ මෙරටට වැඩිම සංචාරක පිරිස රුසියාවෙන් පැමිණ තිබේ. ඒ සංචාරකයින් 6963 ලෙසිනි.

එම කාලය තුල රුසියාවට අමතරව ඉන්දියාව, යුක්රේනය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, මාලදිවයින, ඕස්ට්‍රේලියාව, පෝලන්තය, ඇමරිකාව වැනි රටවලින් වැඩි සංචාරක පිරිසක් මෙරටට පැමිණ තිබේ.

සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් රුසියාව, යුක්රේනය, එංගලන්තය, ජර්මනිය හා ප්‍රංශය යන රටවල විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ඇමතිවරයා පැවසීය.