32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋසස් පෙළ විභාගයට විශේෂ මධ්‍යස්ථාන 4 ක්

උසස් පෙළ විභාගයට විශේෂ මධ්‍යස්ථාන 4 ක්

අපොස උසස් පෙළ විභාගය (2022) වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද (18) පැවසීය.

බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ ද, විශේෂ අවශ්‍යතා ඇති විභාග අපේක්‍ෂකයන් සඳහා රත්මලාන සහ තංගල්ලේ ද, මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් එම රෝහලේ ද, විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති බවත් එම මධ්‍යස්ථාන හතරත් සමගින් මෙවර විභාගය මධ්‍යස්ථාන 2200 ක පැවැත්වෙන බවත් ජයසුන්දර මහතා පැවසීය.

මෙවර අපොස උසස් පෙළ විභාගය ලබන 23 වැනිදා සිට පෙරවාරි මස 17 වැනිදා දක්වා දින 22 ක් පැවැත්වේ.