― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අදින් අවසන්

මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අදින් අවසන්

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා වන ඇප මුදල් තැන්පත් කිරීමට ලබා දී ඇති කාලය අදින් (20) අවසන් වනවා.

ඒ අනුව අද (20) දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසම පැවසුවේ. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා ලබන 21 වැනිදා දහවල් 12.00 දක්වා භාරගැනීමට නියමිත බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඇප මුදල් තැන්පත් කිරිම ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි 15ක් පමණ ලැබී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ රාජ්‍ය බලය භාවිත කිරීම සම්බන්ධයෙන් සැළකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් මේ දක්වා ලැබී ඇති බවයි.

මේ අතර මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පත ඊයේ (19) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත වුණා. එහිදි ඊට පක්ෂව ඡන්ද 97ක් සහ විපක්ෂව ඡන්ද 36ක් හිමිවුණා.