27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරන්ජන් යළි දිවයිනට පැමිණෙයි

රන්ජන් යළි දිවයිනට පැමිණෙයි

මෙරට ජනප්‍රිය රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සිය අමෙරිකානු සංචාරය නිමකර අද (20) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තම අමෙරිකානු සංචාරයේදී ප්‍රසංග රැසක් පැවැත්වූ බවත් අපේ රටේ දුප්පත් දරුවන්ට ලබාදීමට තමන් ලැප්ටොප් පරිගණක තොග වශයෙන් මිලදී ගත් බවත්ය.

ප්‍රසංගවලින් උපයාගත් මුදලින් ලැප්ටොප් මිලදී ගත් බවද ඔහු කීවේය.

සමහර ප්‍රකෝටිපතියන් අපේ රටේ දුප්පත් දරුවන් වෙනුවෙන් ලැප්ටොප් පරිගණක සහ ඇඳුම් ගොඩක් පරිත්‍යාග කරනවා. සියලුම ලැප්ටොප් සහ ඇඳුම් එකම කන්ටේනරයකින් මෙරටට පැමිණෙනවා. දැන් මම බැඳීම් නැති නිදහස් මිනිසෙක්. මේ පරිත්‍යාග දුප්පත් දරුවන්ට බෙදා දීලා ඉදිරියේදී සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.