32.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවසට ආ රිලා රංචුවක් නිසා කාන්තාවකට දිවි අහිමි වෙයි

නිවසට ආ රිලා රංචුවක් නිසා කාන්තාවකට දිවි අහිමි වෙයි

සියඹලා ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් ගලේවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් බවයි. අදාළ කාන්තාව පදිංචිව සිටි නිවසට ඊයේ (19) සවස රිලා රංචුවක් පැමිණ ඇති අතර උන් එලවීම සඳහා අදාළ කාන්තාව නිවස පිටුපසට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කාන්තාව නිවස පිටුපස පිහිටි සියඹලා ගසක් යටට ගිය මොහොතේ සියඹලා ගසේ සිටි රිලවුන් එහි අත්තක් සෙලවීමත් සමඟ එය ගස යට සිටි කාන්තාවගේ හිසමතට කඩාවැටී තිබෙනවා.

සියඹලා අත්ත හිස මතට කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව ගලේවෙල දිසා රෝහලට රැගෙන යාමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.