― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලිංගික අපයෝජන චෝදනාවකට බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයෙකු පොලිසිය අත්අඩංගුවට

ලිංගික අපයෝජන චෝදනාවකට බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයෙකු පොලිසිය අත්අඩංගුවට

ලිංගික අපයෝජන චෝදනාවකට බ්‍රසීල පාපන්දු ක්‍රීඩක ඩැනි ඇල්වෙස් බාර්සිලෝනා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද ( 20 ) පෙරවරුවේදි මෙම සුපිරි ක්‍රීඩකයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය දිනක රාත්‍රී සමාජ ශාලාවකදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මතයි.

ඩැනී ඇල්වෙස් වෙනුවෙන් පෙනී සිටින ප්‍රකාශයෙකු සඳහන් කර ඇත්තේ ඔහු එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.කෙසේ වෙතත් අදාළ නඩු කටයුත්ත කැටලෝනියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.