― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsනානුඔය මාරක රිය අනතුරින් 7ක් මරුට සිසුන් 51 ක් රෝහලේ

නානුඔය මාරක රිය අනතුරින් 7ක් මරුට සිසුන් 51 ක් රෝහලේ

නානුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

අද රාත්‍රී මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.

මෙ ලෙස අනතුරට ලක්ව ඇත්තේ, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ දික් ඔය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ පවුලේ චාරිකාවකට එක් ව සිටි පිරිසක් රැගත් වෑන් රියක් බවයි වාර්තා වන්නේ

නුවරඑළිය – නානුඔය මාර්ගයේ බස් රථයකට ගමන් කිරීමට ඉතා පපහසු විශාල බෑවුමි පෙදෙසෙකින් දික් ඔය දෙසට අදාළ බස් රථය වේගයෙන් පැමිණීමත් සමඟ, බෑවුම් ප්‍රදේශයේ දි බස් රථයෙහි තිරිංග යෙදීමට රියදුරු උත්සාහ කළ ද, තිරිංග එහි අක්‍රීය වී ඇති බවයි දැනට ලැබෙන ආරංචි මාර්ග වලින් අනාවරණය වී ඇත්තේ.

බස් රථයෙහි තිරිංග කඳ නොවීම මත, සහළ බෑවුම දෙසින් ආ වෑන් රියෙහි ගැටී, බස් රිය විසි වී ගොස්, වෑන් රියට පසුපසින් ආ ත්‍රිරෝද රථයක ද ගැදි මාර්ගයේ එක් පසෙක ඇති ප්‍රපාතයට පෙරළි ගොස් තිබෙනවා.

මෙලෙස බස් රථය පෙරළි ඇත්තේ මීටර් 200 ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

අනතුරින් මේ වන විට පුද්ගලයින් 7 ත් 8ත් අතර ප්‍රමාණයක් එම ස්ථානයේ දී ම ජිවිතක්ෂයට පත්ව ඇති බවත්, එම ගණන තවමත් නිශ්චිත නොමැති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් සිද්ධිය සිදු වූ ස්ථානයට මේ වන විට නානුඔය පොලිසියෙන් පැමිණ විමර්ශන ආරම්භ කර ඇති අතර, තුවාල ලැබූ හා ජීවිතක්ෂයට පත්වූවන් රෝහල්ගත කිරීමේ මෙහෙයුම කඩිනමින් සිදුවෙමින් පවතින බවත් වාර්තා වනවා.