― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමාරක අනතුර සිදු වූ නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තහනම්

මාරක අනතුර සිදු වූ නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තහනම්

නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය අද (21) දිනයේ සිට තාවකාලිකව තහනම් කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ සඳහන් කරනවා.

එම මාර්ගය අධික බැවුම් සහිත මාර්ගයක් වීම හේතුවෙන් මීට ඉහත රිය අනතුර ගණනාවක් සිදු වී ඇති බැවින්, එහි බර වාහන ධාවනය තාවකාලිකව නතර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ සහ නානුඔය පොලිසිය තමන්ගෙන් කළ ඉල්ලිමක් මත මෙම පියවර ගත් බවයි දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ.

ඒ, අනුව එම මාර්ගයේ ගමන් ගන්නා බර වාහන නානුඔය – කිරිමැටිය මාර්ගය ඔස්සේ ධාවනය කරන ලෙසත් රියදුරන්ට දැනුම් දෙනවා.

ඊයේ (20) පස්වරුවේ මෙම මාර්ගයේ ගමන්ගත් පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් සහ වෑන් රථයක් ගැටී සිදුවූ දරුණු අනතුරුන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මාරාන්තික අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකුගේ ජීවිත අහිමි වුණා