27.2 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද ජනපති ප්‍රධානත්වයෙන්

පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද ජනපති ප්‍රධානත්වයෙන්

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද (18) උත්සවාකාරයෙන් විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඉතා චාම් ආකාරයෙන් එම කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පෙරවරු 10.00ට රාජාසන කතාව සිදුකිරීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙවත් රාජාසන කතාව සිදුකිරීමෙන් පසු සභාව කල්තැබීම සිදුකෙරෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

මේ අතර පාර්ලිමේන්තුවට පැමිණෙන මාධ්‍යවේදීන් සහ විවිධ සේවා සපයන්නන් සඳහා කොවිඩ් පරීක්ෂණය අනිවාර්ය කර තිබේ. පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ ආරාධිත අමුත්තන් ඇතුළු පිරිස් එන්නත්කරණ කාඩ්පත රැගෙන පැමිණීම අනිවාර්ය බවයි.