― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගැසට් නිවේදනයේ සඳහන් මිලට බිත්තර නොමැති බවට ජනතාවගෙන් චෝදනා

ගැසට් නිවේදනයේ සඳහන් මිලට බිත්තර නොමැති බවට ජනතාවගෙන් චෝදනා

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ ද එම මිල ගණන් යටතේ බිත්තර නොමැති බවට ජනතාව චෝදනා කරනවා.

සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය නව ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කළා.

කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවල ගැසට් නිවේදනයට අනුව බිත්තර අලෙවි කරන ආකාරය දක්නට ලැබුණා.

නියමිත මිලට අනුව බිත්තර අලෙවි කරන වෙළඳසැල් හිමියන් සඳහන් කළේ රජය විසින් මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බැවින් වැඩි මිළට ගත් බිත්තර රජයේ අනුමත මිලට අනුව අලෙවි කරන බවයි.

එය උල්ලංඝනය කරමින් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළේ.

අද පැවති මාධ්‍ය හමුවකදී බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදිකයන්ගේ සංගමයේ සභාපති කියාසිටියේ පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය නීත්‍යානුකූල නොවන බවයි.

එමෙන්ම එම මිල ගණන් යටතේ බිත්තර අලෙවි කළ නොහැකි බවයි අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් ධම්මික සම්පත් පවසා සිටියා.