― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසඳට ගිය දෙවැනියා වයස 93දී යළිත් යුග දිවියට

සඳට ගිය දෙවැනියා වයස 93දී යළිත් යුග දිවියට

අමෙරිකාවේ හිටපු ගගනගාමියෙකු වන Buzz Aldrin සිව්වන වරටත් විවාහ වී තිබෙනවා.

ඒ ඔහුගේ 93 වන උපන්දිනයේදීයි.

වසර ගණනක් පුරා සිය පෙම්වතිය වූ 63 හැවිරිදි ඇන්කි ෆෝර් සමඟයි ඔහු මෙලෙස විවාහ වී ඇත්තේ.

රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති ආචාර්ය ෆෝර්, ඕල්ඩ්‍රින් මහතාගේ සමාගම වන Buzz Aldrin Ventures හි විධායක උප සභාපතිවරයා යි.

ඕල්ඩ්‍රින් මහතා 1969 වසරේ දී සිදුවූ ඇපලෝ 11 අභ්‍යවකාශ ගමනේ නියමුවන්ගෙන් අයෙක්.

එමෙන්ම ‘බස්’ ඕල්ඩ්‍රීන් මෙහෙයුමේ අණදෙන නිලධාරි නීල් ආම්ස්ට්‍රෝංගෙන් පසු සඳ මත ඇවිද ගිය පළමු පුද්ගලයින් දෙදෙනාගෙන් ද කෙනෙක් වනවා.

නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රින් ඇපලෝ 11 මෙහෙයුමේ දී සඳ මත ඇවිද ගිය පළමු පුද්ගලයින් බවට පත් වීම 1969 දී මිලියන 600ක පමණ ජනතාවක් නරඹා තිබෙනවා.

එය එවකට ඉතිහාසයේ රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර වඩාත් අවධානයට ලක්වූ වැඩසටහනක් වුණා.

නීල් ආම්ස්ට්‍රෝං, පළමු මිනිසා වෙමින් සඳට පය තබා මිනිත්තු 19 කට පසුවයි එඩ්වින් ඕල්ඩ්‍රීන්, සඳට පය තැබුවේ.

ඇපලෝ 11 මෙහයුමට සම්බන්ධ වී ජීවතුන් අතර සිටින එකම තැනැත්තා Buzz Aldrin පමණයි.

සුප්‍රසිද්ධ සඳ තරඟයේ ගමනට පෙර, කොරියානු යුද්ධයේදී ඕල්ඩ්‍රින් මහතා එක්සත් ජනපද ගුවන් හමුදාවේ ප්‍රහාරක මෙහෙයුම් සඳහා ගුවන් නියමුවෙකු ලෙසට කටයුතු කළා.