― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකා ධීවරයන්ට ඉන්දීය විදේශ ඇමති දුන් පොරොන්දුව

ශ්‍රී ලංකා ධීවරයන්ට ඉන්දීය විදේශ ඇමති දුන් පොරොන්දුව

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවන තම ධීවරයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, ඔහු මෙරට සිදු කළ සංචාරයේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඇතුළු එම අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී ධීවර අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට පැමිණීම ශ්‍රී ලංකා ධීවරයින්ට මෙන්ම සාගර පරිසරයටද දැඩි ලෙස බලපෑම් එල්ල වන බවයි.

පරිසර සංවිධාන හා ධීවර සමූපකාර සමිති මඟින් තමන්ට මෙන්ම තම අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු තවත් පාර්ශව කිහිපයකට එරෙහිව අභියාචනාධිකරණයේ මේවනවිටත් නඩුවක් පවරා ඇති බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා එම සාකච්ඡාවේදී පෙන්වා දී තිබෙනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉන්දියානු රජය නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින බවත් අදාළ ප්‍රාන්ත රජයන් සමඟ සාකච්ඡා කර ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවරයන් ගන්නා බවත් ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසූ බව ධීවර අමාත්‍යංශය සඳහන් කළා.