― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsප්‍රදේශ රැසක යළිත් වායු දූෂණය ඉහළට

ප්‍රදේශ රැසක යළිත් වායු දූෂණය ඉහළට

දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඊසාන දිග මෝසම් සුළගත් සමග දුවිලි අංශු ව්‍යාප්තිය ඉහළ යාම ඊට හේතු වී ඇති බව වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් ශ්වසන රෝග වලින් පෙළෙන්නන්, අවුරුදු 05 අඩු දරුවන් මෙන්ම, නිධන්ගත රෝගීන්, ගර්භණී මව්වරුන් ඇතුළු පිරිස් දැඩි අවධානයෙන් පසුවිය යුතු වන අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, ඉදිරි දින කිහිපයේ මෙම තත්ත්වය ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව ය.