― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋසස් පෙළ විභාගය හෙටින් ඇරඹෙයි

උසස් පෙළ විභාගය හෙටින් ඇරඹෙයි

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (23) දිනයේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,200ක දී ආරම්භවීමට නියමිතයි.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හෙටින් (23) ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ අද (22) දිනය තුළ විභාග මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු සිදුකෙරෙන බවත්, විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බවයි.