29.5 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනතාව සල්ලි දුන්නේ නැත්නම් මම හිරේ යනවා ! මගේ ඉරණම ජනතාවට භාරයි...

ජනතාව සල්ලි දුන්නේ නැත්නම් මම හිරේ යනවා ! මගේ ඉරණම ජනතාවට භාරයි !

නඩු තීන්දු තීන්දුවෙන් නියම වුණු රුපියල් කෝටි 10ක මුදල ගෙවීමට තමාට කිසිම ආර්ථික ශක්තියක් නැති හෙයින් ඒ මුදල ජනතාවගෙන් එකතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනතාව මුදල් නොදුනහොත් හිරේ යන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

නඩු තීන්දුවෙන් මට කෝටි 10ක් ගෙවන්න කියලා නියම වුණා. කෝටි 10ක් ගෙවන්න ආර්ථික ශක්තියක් මට නැහැ . ජනතාවගෙන් කෝටි 10 එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මට මෝටර් සයිකලයක්වත් නැහැ. රට වටෙන්ම සල්ලි එකතු කරන්න ඕන. සල්ලි නොගෙව්වොත් හිරේ යනවා.

සහෝදරයා වුණාට ඩඩ්ලි සිරිසේනගේ බිස්නස්වලට මගේ සම්බන්ධයක් නැහැ. අපේ පවුලේ 11ක් ඉන්නවා. තාත්තාට කුඹුරු අක්කර 05යි, ගොඩ අක්කර 03ක් තිබ්බා. කුඹුරු අක්කර පහ නංගිලා බෙදාගෙන කරනවා. ගොඩ අක්කර තුනේ මම අඹ දැම්මා. වෙන ආදායම් මාර්ගයක් නැහැ.