27.2 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෞද්ගලික බස් රථ රියැදුරා සිසුවියකට බසය තුළ දී සිදුකළ දේ

පෞද්ගලික බස් රථ රියැදුරා සිසුවියකට බසය තුළ දී සිදුකළ දේ

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය අසල දී පෞද්ගලික බස් රථය නතර කරගෙන එම බස් රථය තුළ දී බස් රථ රියැදුරා 17 හැවිරිදි පාසල් සිසුවියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි පොලිසිය කියයි.

පසුගිය වසරේ ජනවාරි මාසයේ දිනක සිදු වී ඇතැයි කියන මෙම සිද්ධිය 17 හැවිරිදි සිසුවියගේ මව දැනගෙන ඇය ද කැටිව පැමිණ බෝගමුව පොලිසියට පැමිණිලි කරනු ලැබුවා.

17 හැවිරිදි සිසුවියගේ පැමිණිල්ල සටහන් කර ගත් බෝගමුව පොලීසියේ නිලධාරීන් මෙය කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ සිදුවී ඇති නිසා මේ ගැන වැඩිදුර පරීක්ෂණ කටයුතු කුරුණෑගල මූලස්ථාන පොලිසියට බාර දී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකාර රියදුරා කුරුණෑගල කොළඹ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථයක රියදුරෙකි. සැකකරු අතඅඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.