අද (22) උදෑසන හබරණ – මින්නේරිය ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටු ඔය ප්‍රදේශයේදී විදෙස් සංචාරකයින් ගමන් ගත් ත්‍රීරෝද රථයකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
පහරදීමෙන් ත්‍රීරෝද රථයට බරපතළ හානි සිදුව ඇති එහි ගමන්ගත් ජර්මන් ජාතික සංචාරකයින් යුවළට කිසිදු හානියක් සිදුව නොමැත.අනතුරට පත් ත්‍රීරෝද රථය හබරණ සිට මඩකලපුව දෙසට ධාවනය වී ඇති අතර කිසියම් අවශ්‍යතාවක් මත ඔවුන් ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගය ආසන්නයේ නවතා ඇත.
එහිදී ප්‍රතිවිරුද්ධ දිශාවේ සිටි වන අලියෙකු එකවර පැමිණ එම විදේශීය සංචාරකයින් ගමන්කරමින් සිටි ත්‍රීරෝද රථයට පහර දී පෙරළා දමා තිබේ.පසුව ත්‍රීරෝද රථය තුළ තිබූ සංචාරකයින්ගේ ගමන් මලුවලට හා බඩු මුට්ටුවලට හානි සිදුකර තිබෙනවා.
පහරදීම සිදුකළ වනඅලියාව මින්නේරිය ජාතික වන උද්‍යානයේ වනජීවී නිළධාරීන් පැමිණ මින්නේරිය වන රක්ෂිතය වෙත පළවා හැරීමට කටයුතු කර ඇත. විදෙස් ජාතික යුවළ පොලීසිය මැදිහත්ව වෙනත් රථයකින් එම ස්ථානයෙන් පිටත්කර යවා තිබේ.